ආයුබෝවන්! BioPlus පවුලට ඔබව සාදරයෙන් පිළිගන්නවා.
අපගේ පද්ධතිය හරහා බාධාවකින් තොරව උපරිම ප්‍රයෝජන ලබාගැනීමට, පහත කරුණු ගැන දැනුවත් වීම ඔබටත් අපටත් ඉතා වැදගත් වේ.
1. ඔබේ ගිණුම - ඔබේ වගකීමයි
අපි ඔබව විශ්වාස කරනවා. ඒ නිසා ඔබේ ගිණුමේ මුරපදය (Password) රහසක් ලෙස තබා ගන්න. එය යාළුවන් සමග හෝ වෙනත් කිසිවෙකු සමග බෙදාගැනීමෙන් වළකින්න.
- එක් සිසුවෙකු සඳහා ලබා දී ඇති ගිණුමක් භාවිතා කළ හැක්කේ එම නිශ්චිත සිසුවාට පමණි.
- පද්ධතියේ ආරක්ෂාව සඳහා, එකම ගිණුමකට එකවර උපාංග කිහිපයකින් (Mobile/Laptop) ලොග් වීමට උත්සාහ කළහොත් පද්ධතිය මගින් එය ස්වයංක්‍රීයව අවහිර කරනු ලැබේ.
2. ගුරුවරයාගේ මහන්සියට ගරු කරමු
මෙහි ඇති වීඩියෝ පාඩම්, නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන්ම මහන්සි වී නිර්මාණය කළ ඒවායි. අපගේ වීඩියෝ සහ නිබන්ධන වෙනත් අයට ලබාදීමෙන් සිදුවන්නේ ඔබට ලැබෙන සුවිශේෂී වාසිය ඔබටම අහිමි වීමයි.
- වීඩියෝ පාඩම් පටිගත කිරීම (Screen Recording) හෝ අනුමත නොකළ ක්‍රම හරහා බාගත කිරීම (Downloading) සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- අපගේ පාඩම් හෝ Tutes වෙනත් Telegram Groups වල හෝ සමාජ මාධ්‍යවල බෙදාහැරීම නීතිවිරෝධී වේ.
3. ගෙවීම් කටයුතු නිසි වේලාවට
- පන්ති ගාස්තු අදාල මාසය සඳහා පමණක් වලංගු වන අතර, මාසය අවසානයේදී එම වීඩියෝ සහ පන්ති සඳහා ඇති ප්‍රවේශය (Access) අලුත් කළ යුතු වේ. නිසි වේලාවට ගෙවීම් කර බාධාවකින් තොරව ඉගෙන ගන්න.
- වරක් ගෙවූ මුදලක් කිසිදු හේතුවක් මත ආපසු ගෙවනු නොලැබේ (Non-refundable). කරුණාකර ගෙවීම් කිරීමට පෙර අදාල පන්තිය පිළිබඳව සැළකිලිමත් වන්න.
- තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගෙවීම් තහවුරු නොවූයේ නම් පමණක්, බිය නොවී වහාම අපගේ සහායක මණ්ඩලය (Support Team) දැනුවත් කරන්න. අපි ඔබට උදව් කිරීමට සූදානම්!
4. විනයෙන් පිරුණු පන්ති කාමරයක්
මාර්ගගත පන්ති (Live Zoom Classes), Telegram කණ්ඩායම් සහ වෙබ් අඩවියේ සාකච්ඡා තීරුවලදී සියලුම සිසුන් විනයගරුකව හැසිරිය යුතුය.
- ගුරුවරයාට හෝ වෙනත් සිසුන්ට බාධා වන අයුරින් අදහස් දැක්වීම, නුසුදුසු වචන භාවිතය සහ අපහාස කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ. පන්ති කාමරයේ ගෞරවය රැකගැනීම අප සැමගේම වගකීමකි.
- පන්ති වලට සම්බන්ධ නොවන වෙනත් ප්‍රචාරණ කටයුතු (Spam/Promotions) කිරීම තහනම්ය.
5. නීති කඩකළහොත් කුමක් සිදුවේද?
අපිට කිසිසේත්ම අවශ්‍ය නැහැ කිසිම සිසුවෙක්ව පන්ති වලින් ඉවත් කරන්න. නමුත් පද්ධතියේ ආරක්ෂාව සහ අනෙකුත් අවංක සිසුන්ගේ යහපත වෙනුවෙන්, ඉහත නීති කඩකරන ඕනෑම සිසුවෙකුගේ ගිණුමක් අවලංගු කිරීමට (Ban/Suspend) පරිපාලන මණ්ඩලයට සිදුවේ. එලෙස අවලංගු කළ ගිණුම් සඳහා කිසිදු මුදල් ආපසු ගෙවීමක් සිදු කරනු නොලැබේ.
6. ඔබේ ජයග්‍රහණය අපේ අරමුණයි
අපගේ එකම අරමුණ ඔබේ විභාග ජයග්‍රහණයයි. ගුරුවරයා 100% ක් කැපවී ඔබට මග පෙන්වුවද, විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා ඔබගේ කැපවීම සහ නොපසුබට උත්සාහය අත්‍යවශ්‍ය වේ. යම් සිසුවෙකුගේ විභාග ප්‍රතිඵල සඳහා BioPlus ආයතනය නෛතික බැඳීමක් නොදරන අතර එය සම්පූර්ණයෙන්ම සිසුවාගේ වගකීමකි.